ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ජුලි මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවේ මැතිවරණ කොමිසම ඒ සඳහා මේ වනවිටත් අවශ්‍ය වැඩකටයුතු සිදුකරමින් පවතින බවයි.
හෙට දිනයේ සිට මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමි වුව ද ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් සලකා බැලීමට මැකිවරණ කොමිසමට තවත් දින කිහිපයක් අවශ්‍ය බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවේ.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අවශ්‍ය නම් අගෝස්තු මස දී පවා ප්‍රකාශයට පත් කිරීමේදී හැකියාවක් මැතිවරණ කොමිසම සතු වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.