පසුගිය දිනවල පැවති වැඩ වර්ජනවලට සහභාගී නොවී සේවයට වාර්තා කළ සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එම දීමනාව අගෝස්තු මස වැටුපට එක්කරන බවයි වාර්තා වන්නේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති 200කට ආසන්න සංඛ්‍යාවක් අසනීප නිවාඩු වාර්තා කරමින් පසුගිය දා දින දෙකක වැඩ වර්ජනයක නිරත වුණා.
කෙසේවෙතත් රජය ප්‍රකාශයට පත් කළේ වෘත්තීය සමිති වැටුප් ඉල්ලීම්වලට මෙම වසර තුළදී විසදුම් ලබාදීමට නොහැකි බැවින් සියලු සේවකයින් සේවයට වාර්තා කරන ලෙසයි.