Thursday, March 6, 2025

General line - 0115112241

ඉදිරි පැය විසි හතරේ කාලගුණය ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්



අධික සුළං ඇතිවීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු පැහැයෙන් යුත් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට අදාළවයි.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය පැය 24ක් බලපැවැත්වෙනවා.

ඒ අනුව අදාළ මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටින්නේ. 

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය මෙම කාලගුණික වෙනසට බලපා තිබෙනවා.

ඒ අනුව දිවයින හරහාද, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් තද සුළං ඇති වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.