ජනාධිපතිවරණය කල් යන බව පවසන විපක්ෂයේ පාර්ශ්ව එසේ පවසන්නේ රට ගොඩනැගිය යුතු බව පවසන ජනතා රැල්ල ඉදිරියේ තම රැලි කඩා වැටෙමින් තිබීම හේතුවෙන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කරයි.
කළුතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහා අද (19) පැවැත්වුණු වැඩමුළුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
"තමන්ගේ රැලි කඩාගෙන වැටෙනකොට කරකියාගන්න දෙයක් නැති වෙනකොට, ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තියනකොට ලංකාවේ ඉන්න ජනාධිපති අපේක්ෂකයෝ අපේ ආරක්ෂාවට මොකද වෙන්නේ කියලා මන්ත්‍රීවරු ලව්වා, හාමුදුරුවරු ලව්වා ප්‍රකාශ නිකුත් කරන්න පටන් අරගෙන තියෙනවා. සමහර වෙලාවට ඉතින් තමන්ගේ ජනප්‍රියතාවය කඩාගෙන වැටෙනකොට, ජනප්‍රියතාවය නැති වෙනකොට ජීවිත තර්ජන තියෙනවා කියලා සංදර්ශන දාපු ඒවා අපි පහුගිය කාලෙත් දැක්කා. මේ වගේ සංදර්ශන දාලා, තැන් තැන්වල ප්‍රකාශ නිකුත් කරන්න හදනකොට ජනාධිපතිතුමා ඒකට දුන්නා උත්තරයක්. ඒ තමයි ඒ ඒ අයට තියෙන ආරක්ෂාව පිළිබඳ තත්ත්වයන් හොයලා බලන්න කැබිනට් මණ්ඩලයේ කමිටුවක් පත් කිරීම. ඒකට විශේෂඥ කණ්ඩායමක් පත් කළා. ජනාධිපති අපේක්ෂකයෙක්, හිටපු ජනාධිපතිවරයකුට කාට වුණත් කාට හරි ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා ගැන රාජ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ, බුද්ධි අංශ සියල්ල පාවිච්චි කරලා දිය යුතු ආරක්ෂාව උපරිමයෙන්ම ලබා දෙන්න කියලා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා. මොකද තමන්ගේ ගමන කඩාගෙන වැටෙනකොට, තව පෝය තුනකින් මේ රටේ ආයෙත් සියයට තුනට යන්න වෙනවා කියලා හිතනකොට, සුපුරුදු පරිදි පෝය තුනකින් යාල කැලේට යන්න වෙනවා හිතනකොටම කට්ටිය කලබල වෙනවා. ඒ කලබලය අපි ගණන් ගන්නේ නෑ. ඒ කලබලය නොවෙන්න තමයි මැතිවරණය කල් දානවා කියනකොට නීතිමය උත්තරය ලබා දුන්නේ. මේ වගේ චෝදනා එනකොට ඒකට නීතිමය උත්තරය අපි ලබා දුන්නා. ඕනෑම කෙනෙකුට අවශ්‍ය කරන ප්‍රමාණයට ඒ කමිටුව හරහා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න අපි කටයුතු කරන්නෙත් ඒ නිසාම තමයි. මොකද ජනතාව වැරදි පාරවල්වල ගෙනිහිල්ලා ජනතාව නැවත රවට්ටලා මේ පහත් දේශපාලනය කරන්න අපි ඉඩ තියන්නේ නැති නිසා." අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
'ජයගමු ශ්‍රී ලංකා කළුතරට' දිස්ත්‍රික් වැඩසටහනට සමගාමීව මෙම මාධ්‍ය වැඩමුළුව පැවැත්වුණු අතර අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
"කැබිනට් මණ්ඩලයට ජනාධිපතිතුමා උපදෙස් දීල නීතිපතිතුමන් හරහා අපි අධිකරණයට දැනුම් දුන්නා මේකෙ කාලය අවුරුදු පහයි කියලා. ඒ වගේම එතනින් නතර වුණේ නෑ තවත් අය අධිකරණයට ගියා. මේක විහිළුවක් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අධිකරණයට ගිහිල්ලා අවුරුදු පහද හයද කියලා අහන්න පටන් ගත්තා. මෙතන යම්කිසි බෙදුම්කාරී තත්ත්වයක් තිබුණා, ඒ කියන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙද්දී, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්න වෙලාවෙදි. එහිදී අවුරුදු හය - පහ කරද්දී ජනාධිපතිවරණයක් කරනවද, නැද්ද කියන ප්‍රශ්නය අනුව තමයි මේ ගැන ලොකු හා හෝවක් එන්න පටන් ගත්තේ. හැබැයි අපි කැබිනට් මණ්ඩලය තීන්දු කළා මෙච්චර ප්‍රශ්න තියෙනව නම් අපි ව්‍යවස්ථා සංශෝධනයක් කරලා හරි, මේක අවුරුදු පහයි කියලා තියමු කියලා. පහයි කියන එක රජයේ මතය කියන එක අපි පෙන්නමු කියල. අපි ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීන්දු අරගෙන ගැසට් නිවේදනය නිකුත් කළොත් ආයෙත් මේක ජනමත විචාරණයකට යයි කියලා බොහෝ දෙනෙක් බය වුණා - මේ හදන්නේ ඡන්දෙ කල් දාන්න කියලා. ඒ නිසා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ගැසට් නිවේදන නිකුත් කිරීමකින් තොරව රජයේ මතය අපි ප්‍රකාශ කරලා තියෙනවා කැබිනට් මණ්ඩලය තීරණය අවුරුදු හයයි නෙමෙයි පහයි කියන එක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී දවසක පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒක ස්ථීර කරන්නට අවකාශය සලකලා තියෙනවා කියලා. මීට කලින් ගැසට් කිරීමක්වත් කළේ නෑ - මොකද, බොහෝ අය කොරහෙ කිඹුල් දකින්න වගේ පටන් ගත්තා මේ ඡන්ද කල් දාන්න හදන්නේ කියලා. අපිට ඡන්ද කල් දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මැතිවරණය නියමිත දිනට පවත්වනවා කියන එක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මීට ඉහතදී සඳහන් කළා. ඒ වගේම ජනාධිපතිතුමා ඒක කැබිනට් මණ්ඩලය හරහා වගේම නීතිපතිවරයා හරහා කැබිනට් මණ්ඩලය හරහා අධිකරණයට ඕන කරන දැනුවත් කිරීම සිද්ධ කරලා තියෙනවයි කියන එක මේ වෙලාවේ සඳහන් කරන්න ඕන. තව ටික දවසකින් මැතිවරණ උණුසුම වැඩි වෙනකොට මෙච්චර දවස් 'අර රැල්ල මේ රැල්ල' කියාගෙන රැලි තියපු අයගේ රැලි දැන් අඩු වෙන්න පටන් අරගෙන. දැන් වැඩිවෙන්න පටන් අරගෙන තියෙන්නේ රටේ ජනතාවගේ රට එකතුවීම කියන රැල්ල. ඒ කියන්නේ පක්ෂ, පාට, ජාති, කුලමල, ආගම් භේද, පක්ෂ දේශපාලනය පැත්තකට දාලා රට වෙනුවෙන් එකතු වෙමු කියන රැල්ල තමයි අද වැඩි වෙලා තියෙන්නේ. මේ රට ගොඩනගන්න පුළුවන් කට්ටිය එකතු වෙමු කියන රැල්ල තමයි අද ඇති වෙලා තියෙන්නේ. රට ගොඩනගන්න කියලා බාරගන්න කියපුවම බැහැ කියපු අය රට ගොඩනගන්න බය වෙච්ච අය, රට ගොඩ නගන්න බය වෙලා දේශපාලනය කර කර හිටපු අය, මිනිස්සු බිත්ති වලට හේත්තුවෙලා, පීඩනයට ලක්වෙලා ඒ හරහා දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙච්ච අය දැන් කලබල වෙලා. මොකද රටේ ආර්ථිකය තිබුණු තැනින් යම් පිබිදීමක් ඇතිවෙලා තියෙනවා. රටේ තිබුණ තැනින් ආර්ථිකය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. රටේ තිබුණු ප්‍රශ්නවලින් මිනිස්සු ටිකක් මිදිලා තියෙනවා. තව තියෙනවා ඉස්සරහට කරන්න. හැබැයි අපි වැඩ කොටසක් කරලා ප්‍රතිඵල පෙන්නලා තියෙනවා. රටේ ජනතාවගේ මතය ප්‍රකාශ වෙන්න පටන් අරගෙන තියෙනවා. රටේ ගත්තු ආර්ථික ප්‍රතිපත්ති හරියි කියල ජනතාව ප්‍රශංසා කරන්න පටන් අරගෙන තියෙනවා, මේ විදිහට ඉස්සරහට ගියොත් තමයි අපේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ වෙද්දි සියයට නමයක් වෙච්ච ආණ්ඩුවට තිබිච්ච මතය සියයට තිහක් දක්වා වැඩිවෙලා තියෙනවා. මේක බලාගෙන ඉන්න බැරි වෙනකොට මෙච්චර දවස් අපි දන්නෑ කාගේ සල්ලිද කියලා, රැස්වීම් වේදිකා ගහගෙන, බස්වලින් සෙනග ඇද ඇද ලොකු රැස්වීම් අවුරුදු එක හමාරක් විතර තිස්සේ කරපු අයට දැන් වෙනකොට තමන්ගේ රැල්ල අඩු වෙලා කියල තේරිලා තියෙනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මෙච්චරකල් දේශපාලනය කළේ නෑ. එතුමා කළේ රට ගොඩනගන වැඩපිළිවෙළ. එතුමට දේශපාලනය කරන්න උවමනාවක් තිබුණේ නෑ. එතුමට ඕන වුණේ රට ගොඩනගන වැඩපිළිවෙළ කරන්න. හැබැයි අනිත් අය දේශපාලනය කළා. දේශපාලනය කරලා උස්සගෙන ආවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට ගොඩනගන වැඩ පිළිවෙළ කරලා ජනතාව දිනා ගත්තා. ඒ දේශපාලනය කරලා නෙමෙයි." යැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.