Sunday, March 9, 2025

General line - 0115112241

මෙරටට ගෙන්වන ලද බීඩි කොළ තොගයක් , ඩිංගි බෝට්ටු 03 ක් පොලිසිය භාරයට

මිනුවන්ගොඩ දමිත් තිස



උතුරු තොඩුවාව  ප්‍රදේශයේ ලුණු ඔය ඩිංගි බෝට්ටු 03ක තිබී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තොඩුවාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත උතුරු තොඩුවාව  ප්‍රදේශයේ ලුණු ඔය ගං ඉවුරේ සිදු කරන ලද සෝදිසි කිරීමේදී  ඩිංගි බෝට්ටු 03 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා,

එම ඩිංගි බෝට්ටු 03 ක් පරීක්ෂා කිරීමේදී  එම බෝට්ටු තුළ තිබී තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද බීඩි කොළ තොගයක් පොලිසිය භාරයට ගෙන ඇත. 

එම බෝට්ටු වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී  බෝට්ටු තුළ තිබී බීඩි කොළ කිලෝ 2147 ග්‍රෑම් 650 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර 

බීඩි කොළ සමඟ ඩිංගි බෝට්ටු 03 තොඩුවාව පොලිසිය භාරයට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තොඩුවාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන අතර සිද්ධිය සම්බන්ධව මාරවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.