Wednesday, April 30, 2025

General line - 0115112241

ජාතික ජන බලවේගය විසින් මැයි රැළිය සඳහා ගාලු මුවදොර පිටිය තෝරා ගැනීම ගැටලු සහගතයි - රනිල් වික්‍රමසිංහ



ජාතික ජන බලවේගය විසින් මැයි රැළිය පැවැත්වීම සඳහා ගාලු මුවදොර පිටිය තෝරා ගැනීම ගැටලු සහගත බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

ඒ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාව, යළි ජනාධිපති ධූරයට පත් කළ හැකි බවට විවිධ පාර්ශව සිදු කරන ප්‍රකාශ පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අදහස් පළ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බවයි.

කෙසේවෙතත් මෙතෙක් කිසිදු ආණ්ඩුවක් සිදු නොකල වැඩ කොටසක් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ගත වූ මාස හයේදී සිදුකර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවා.