Friday, April 26, 2024

General line - 0115112241

සිංහලයන්ට සිදුවන අසාධාරණයන් සෙවීමට කොමිසමක් ඉල්ලයි




යුද්ධයෙන් පසු උතුරේ සහ නැගෙනහිර සිංහල වැසියන්ට සිදුවන අසාධාරණයන් ගැන සෙවීමට කොමිසමක් පත්කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ කියාසිටියේ දෙමළ වැසියන්ට දකුණේදී හිමිවන සමඅයිතීන් උතුරේදී හා නැගෙනහිරදී සිංහල වැසියන්ටද හිමිවිය යුතු බවයි.

කොළඹ අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.

උතුරට සහන ලබාදීමට පෙර එහි දේශපාලනඥයන්ගෙන් කරුණු 3 ක් සම්බන්ධයෙන් සහතිකයක් ලබාගත යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව නිජබිම් සංකල්පය අතහැරීම, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ ඉල්ලීම ඉවත් කිරීම, ෆෙඩරල් යෝජනාව ඉවත් කර ගැනීම එකී කරුණු බවයි පැවසුවේ.