Monday, March 10, 2025

General line - 0115112241

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල රැස්වීමට පැමිණ ඇත්තේ මන්ත්‍රීවරුන් 16ක් පමණක් බවට අනාවරණයක්



මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇත්තේ එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණක් බව පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් අසූ දෙදෙනෙකු නියෝජනය කරනු ලබනවා.

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු  බවට වන යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් විසින් බවයි වාර්තා වුණේ. 

එම යෝජනාවට දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුම විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වුණා.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හැරුණු විට දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ බොහෝදෙනා විවිධ සංවිධාන මට්ටමින් ගෙන්වූ අය බවයි.

කෙසේවෙතත් දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ධූරය අපේක්ෂාවෙන් සිටි ධම්මික පෙරේරා පිළිබඳව සඳහන් වී නොමැති බවයි එම පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය පක්ෂයේ තීරණයක් බවත් එයට සියලුම දෙනා එකග විය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පවසා ඇති බව ද වැඩිදුරටත් වාර්තා වුණා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට එක්වූ සාමාජිකයන්ගේ ඡායාරූප නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.