Tuesday, April 29, 2025

General line - 0115112241

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. 

ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද, උතුරු සහ සබරගමුව පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතිනවා. 

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.