Monday, March 10, 2025

General line - 0115112241

රජයේ මුද්‍රණාල සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ



අගෝස්තු මස 15 වනදා සිට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

අගෝස්තු මස පළමුවනදා සිට අගෝස්තු 15 වනදා දක්වා කාලය තුළ ද එම දෙපාර්තමේන්තුවේ සේවකයන්ට නිවාඩු ලබාගත හැකි වන්නේ පූර්ව අනුමැතියකින් පමණක් බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.

මෙවර ජනාධිපතිවරණයේදී මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800ක පමණ මුදලක් වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය සහ අනෙකුත් සාධක මත වෙනස්විය හැකි බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනිය පැවසුවේ.

ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු නියමිත කාල සීමාවේදී අවසන් කිරීමට හැකියාවක් පවතින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.