Friday, April 26, 2024

General line - 0115112241

සිංහයෝ කැන්ගරුවන් පරදයි!




සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින තරඟය ලකුණු 82 කින් ජය ගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 288 ලබාගත්තා.

එහිදී කුසල් මෙන්ඩිස් කුසල් පෙරේරා හා නායක ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කන්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 206 පමණයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් සමත් වුණා.

ඒ අනුව තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය මේ වන විට දෙපිළම තරඟ එක බැගින් ජයගෙන සම තත්වයේ පසුවනවා.