Tuesday, March 11, 2025

General line - 0115112241

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්



උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඊට අදාළව අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.