Wednesday, March 12, 2025

General line - 0115112241

අග්බෝපුරදී ලොරි රථයක ගැටී, වන අලියෙකු මරුට

අමදෝරු අමරජීව



අග්බෝපුර, කිතුල් උතුව ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි වනඅලියෙකු ලොරි රථයක ගැටී එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

රාත්‍රී කාලයේ ආහාර සොයා පැමිණ ඇති එම වනඅලියා අලුයම් කාලයේදී යළි රක්ෂිතය යමින් සිටියදී මෙම අනතුරට ලක්වන්නට ඇති බවටයි කවුඩුල්ල අඩවි කාර්යාලය පැවසුවේ.

අනතුරෙන් පසුව පලා ගිය ලොරි රථයේ රියදුරා  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම රියදුරාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු ඉදිරි විමර්ශන සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කවුඩුල්ල අඩවි කාර්යාලට භාර දෙන බවයි අග්බෝපුර පොලීසිය පැවසුවේ.