Thursday, March 13, 2025

General line - 0115112241

පාසල් ළමුන්ට කායික දඬුවම් ලබා නොදෙන්න - අධ්‍යාපන බලධාරියෙකුගෙන් ඉල්ලීමක්

සනත් ගමගේ



දකුණු පළාතේ පාසල් දඬුවමින් තොර කලාපයක් බවට පත් කිරීම පිළිබඳ අවධානය යොමුකර ඇති බව එම පළාතේ අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පවසනවා.

කායික දඬුවමින් තොර ප්‍රාථමික අධ්‍යාපනයක් පළාත තුළ සහතික කිරීම පිළිබඳව ද අවධානය යොමුකර ඇති බවයි ඔහු කියා සිටියේ.

තංගල්ල ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාඡන පැළඳවීමේ උත්සවයට එක්වෙමින් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මෙම අදහස් පල කළා.


සිය දරුවන් පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන ලෙස ද දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මව්පියන්ගෙන් ඉල්ලා සිටියා.