Tuesday, April 15, 2025

General line - 0115112241

ත්‍රිකුණාමළයේ සිට පුල්මුඩේ දක්වා රතු කකුලු පැටවුන් දහස් ගණනක් මරුට 

දිනසේන රතුගමගේ



ත්‍රිකුණාමළයේ සිට පුල්මුඩේ දක්වා වූ මුහුදු තීරයේදී රතු කකුලු පැටවුන් දහස් ගණනක් මියගොස් වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා 

ඇතැම් ස්ථාන වල කිලෝ මීටර් තුනක් පමණ දුරට මෙම කකුලු මළ සිරුරු දැක ගත හැකි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහා කර සිටියේ.

හදිසියේම රතු කකුලු පැටවුන් මියයාමට හේතුවක් නිශ්චය වශයෙන් හදුණා ගැනීමට නොහැකි වී ඇති බව ධීවර පරීක්ෂක නිලධාරීන් සදහන් කරන්නේ 
 
මෙම කලාපයේ රතුකකුලු පැටවුන් මිලියනයක පමණ ප්‍රමාණයක් මියගොස් ඇති බවත්  මේ තත්ත්වය ක්‍රමයෙන් මුලතිව් මුහුදු වෙරළ දිශාවටද ලගා විය හැකි බැවින් මේ සිද්ධිය  සම්බන්ධයෙන්  ධීවර දෙපාර්තමේන්තුව වෙත වාර්තා කොට තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.