Saturday, April 12, 2025

General line - 0115112241

පොහොට්ටුවේ මංගල රැලිය 21දා අනුරාධපුරේ



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන 21 දා අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා 

ඔහු මේ බව කියා සිටියේ මේ මස 21 දින පැවැත්වෙන එම පක්ෂයේ මංගල රැලිය පවත්වනු ලබන අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ සූදානම් කටයුතු පිළිබඳ සොයා බැලීමට ඊයේ පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පොහොට්ටු පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත්ජ නාධිපතිවරයාගේ සහායට බිම් මට්ටමින් සහය දැක්වීමට කටයුතු කළ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බව ඔහු පැවසීය. 

මේ වන විට එම නායකයින්ද නැවත පොහොට්ටු පක්ෂයට එක්වීමට කැමැත්ත පළ කරමින් සිටින බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කර සිටියා