Saturday, April 12, 2025

General line - 0115112241

විෂ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීමේ මෙහෙයුම්වලදී තවත් සැකකරුවන් 697 දෙනෙකු අත්අඩංගුවට



විෂ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් සහ බෙදා හරින්නන්ගේ ජාලය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ ඊයේ සිදුකල වැටලීම්වලදී සැකකරුවන් 697 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ දිනයේ සිදුකල වැටලීම් 695කදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 21 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතයි.

තවත් සැකකරුවන් දෙදෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිත බවද පොලිසිය පැවසුවා.