Saturday, April 12, 2025

General line - 0115112241

බීඩි කොළ කිලෝ 2,689 රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතිකයන් 3 ක් අත්අඩංගුවට 



ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට දකුණෙන් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන්වූ වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් රැගෙන ආ බීඩි කොළ තොගයක්  සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනෙක් 03ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට අතුල්වී තිබූ ඉන්දීය ඩව් යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කිරීමේදී, පාර්සල් 80 ක අසුරා තිබු බීඩි කොළ කිලෝග්‍රෑම් 2,689 තොගයක්  සොයාගෙන තිබු අතර එය රැගෙන ආ ඉන්දීය ඩව් යාත්‍රාව සහ ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනාද මෙලෙස නාවික හමුදා භාරයටගනු තිබුනා.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ඩව් යාත්‍රාව, බීඩි කොළ තොගය සහ ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනා (03) ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට නියමිතව ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කර සිටියේ