Thursday, March 13, 2025

General line - 0115112241

ස්ටාර්ලින්ක් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසර හිමිවෙයි 



ලොව ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා සමාගමක් වන ඊලෝන් මස්ක්ට අයත් ස්ටාර්ලින්ක් සමාගම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහායි 

STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර ඇති බවයි  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ 

තවද  එම සමාගමට විදුලි සංදේශ සේවා සැපයීමේ බලපත්‍රය අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ බව සඳහන් කර සිටියා.

මෙය අධිවේගි අන්තර්ජාල පහසුකම් ලොව ඕනෑම ස්ථානයක් සඳහා රැහැන් රහිතව ලබා දීම සඳහා SpaceX සමාගම විසින් ක්‍රියාත්මත කරන ව්‍යාපෘතියක් වනවා.