Sunday, April 13, 2025

General line - 0115112241

රත්මලාන රේඩාර් පද්ධතිය හදිස්සියේ බිඳ වැටුනාද?



රත්මලාන රේඩාර් පද්ධතිය හදිසියේ බිඳ වැටී ඇති ඇතැයි 14 වනදා පස්වරුවේ පළ වූ වාර්තා සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රේඩාර් පද්ධතියේ බිඳ වැටීමක් සිදු නොවූ බවයි.

හඳුනාගන්නා ලද දෝෂයක් යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් පෙර සැලසුම් කර තිබූ නඩත්තු කටයුත්තක් සඳහා එම පද්ධතිය මෙහෙයුම් කටයුතුවලින් ඉවත් කළ බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

නඩත්තු කටයුතු සඳහා සැලසුම් කර තිබූ කාලයට වඩා වැඩි කාලයක් ගත වුවද සේවාවන්හි කිසිදු බාධාවක් ඇති නොවූ බවද කටුනායක ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම වැඩිදුරටත් පවසනවා.