Saturday, March 15, 2025

General line - 0115112241

වනඅලි රංචුවක් හදිසියේ ගම්වැදී කුඹුක්කන කලබලයක්

ජයන්ත වීරසේකර



මොණරාගල, කුඹුක්කන, අන්දරමණ්ඩිය ප්‍රදේශයට අද උදෑසන වන අලි රංචුවක් කඩා වැදී තිබෙනවා.

06 දෙනෙකුගෙන් යුත් එම වන අලි රංචුව ප්‍රදේශයේ වගා ඉඩම් රැසකට හානි සිදුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වන අලි පහරදීම හේතුවෙන් ත්‍රීරෝද රථයකට දැඩි හානි සිදුව තිබෙනවා.

කෙසේවෙතත් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් වන අලින්ගෙන් මිදී පලාගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.