Sunday, April 13, 2025

General line - 0115112241

පකිස්තානයේදී පුද්ගලයින් 23 දෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ



පකිස්තානයේ බලුකිස්තාන් ප්‍රදේශයේදී පුද්ගලයන් 20 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි තබා එම පිරිස ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

පන්ජාබ් සහ ඉන් පිටතට ධාවනය වන වාහන තුවක්කුකරුවන් විසින් පරික්ෂා කර තිබෙනවා.

එම වාහනවල සිටි පන්ජාබ්හි පුද්ගලයින් වැඩි පිරිසකට තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී ඔවුන් විසින් ට්‍රක් රථ 10කට ගිනි තබා ඇති බව ද වාර්තා වනවා.