Tuesday, April 15, 2025

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයින් 06 දෙනෙක් අත්අඩංගුවට

මාධව කුලසූරිය



මුලතිව්, උදයාර්කට්ටු, කූරවිල් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් සිදු කළ වැටලීමකදීයි. එම වැටලීමේදී සොයා ගත් අයිස් මිලිග්‍රෑම් 90ක්, රුපියල් 17,000ක් හා ජංගම දුරකථන 07ක්ද සිය භාරයට ගත් බවයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ත් 25ත් අතර වයසේ පසුවන පුද්ගලයින්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පුදුකුඩිඉරිප්පු පොලිසිය මගින් ක්‍රියාත්මකයි.