සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 33 හැවිරිදි ගීත්මාල් බිනෝයි දිල්ෂාන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගොස් අත්අඩංගුවට ගෙන අද කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.
ඔහු මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි අයෙක්.
සැකකරු මතුගම ශාන් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා බව සදහන්.
කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ගුවන් යානය වෙත ගොස් මෙම අපරාධ කල්ලි සාමාජිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මතුගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත භාර දීමට කටයුතු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.