හම්බන්තොට දිමුතුගම ප්‍රදේශයේ සිදු වූ වනඅලි පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ කොග්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු එම වනඅලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි.
මිය ගිය පුද්ගලයා හම්බන්තොට ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට තිබෙනවා.
ගව පාලනය කරමින් සිටියදී ඔහු වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.