Tuesday, April 15, 2025

General line - 0115112241

ජනාධිපතිවරණ දිනයේ ආරක්ෂාවට 54,000ක පොලිස් බලඇණියක්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන



ජනාධිපතිවරණයට අදාළ කටයුතු සඳහා සෑම පොලිස් ස්ථානයකම වෙනනම ඒකකයක් මේ වන විට පිහිටුවා ඇති බව මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පවසනවා.

පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එකවෙමින් ඔහු කියා සිටියේ අවම වශයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු එම එක් ඒකකයක් සඳහා යොදවා ඇති බවයි.  

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට නියමිත බවද මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට වැඩිදුරටත් සඳහන් කළා.