Wednesday, March 19, 2025

General line - 0115112241

මුසම්මිල් ඌවේ ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් වී සජිත් ළඟට



ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබෙනවා.

තමන් ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබීම හේතුවෙන් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස් වන බවයි ඔහු ජනාධිපතිවරයා වෙත යොමු කළ ඉල්ලා අස් වීමේ ලිපියේ දැක්වෙන්නේ.        

ආණ්ඩුකාර තනතුරේ රැඳී සිටිමින් ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දැක්වීමට නොහැකි බවත් ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් එම තනතුරින් ඉල්ලා අස් වන බවත් ඔහු එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

2020 වසරේ සැත්තැම්බර් 07 සිට අද දින දක්වා ඒ.ජේ.ඒම් මුසම්මිල් මහතා ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළා.