Thursday, March 20, 2025

General line - 0115112241

වනාතේ දිනුකගේ ගෝලයෙක් STF අත්අඩංගුවට



මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වනාතේ දිනුකගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 550ක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මකයි.