Wednesday, March 19, 2025

General line - 0115112241

තුන් වන දිනයේදීත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉහළ උනන්දුවක්



2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම තුන්වන දිනටත් මේ වන විට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අද පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා කාලය තුළ  පොලීසිය, ත්‍රිවිධ හමුදාව එම කාර්යාලවල සිවිල් කාර්ය මණ්ඩලවලට සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල රාජ්‍ය සේවකයින්ට අද දිනයේ ඡන්දය ප්‍රකාශ කළ හැකියි.  

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අද දිනයේද ඉහළ උනන්දුවක් පැවති බවයි පැෆ්රල් සංවිධානය පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා.