Tuesday, April 15, 2025

General line - 0115112241

නිවාස බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙකු බෙල්ලන්තරදී අත්අඩංගුවට



බොරලැස්ගමුව පොලිස් වසමේ නිවාස බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 200ක් සමඟ බෙල්ලන්තර හන්දිය ප්‍රදේශයේදීයි.

සැකකරු විසින් නිවෙස් බිඳ සොරකම් කරන ලද ලැප්ටොප් පරිගණක දෙකක් හා ජංගම දුරකථනයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

ඔහු හොරණ, කනන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණ වී තිබෙනවා.