Saturday, March 15, 2025

General line - 0115112241

දෙවන ටෙස්ට් තරගයේදී ඉන්දීය පන්දු යවන්නන් බංග්ලාදේශය අසරණ කරයි



සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක බංග්ලාදේශ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 6ක් දැවී ලකුණු 205ක් රැස්කරගෙන සිටියා.

මොමිනුල් හක් නොදැවී ලකුණු 102ක් රැස්කරගෙන සිටිනවා.

අනෙක් අන්තයේ නොදැවී පන්දුවට පහර දෙන මෙහිඩි හසන් ලකුණු 6යි.

නායක නජ්මුල් හොසේන් ලකුණු 31ක් රැස්කර සිටියදී දැවී ගියා.

සෙසු ක්‍රිඩකයින් කිසිවෙකුටත් ලකුණු 25 සීමාව ඉක්මවා යාමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේදී රවී චන්ද්‍රන්, අශ්වින් සහ, ආකාෂ් දීප් කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

ජස්ප්‍රිට් බුම්රාහ් සහ මොහොමඩ් සිරාජ් ද එක් කඩුල්ල බැගින් දවාගෙන සිටිනවා.

ඉන්දියාවේ කාන්පූර්හීදී දෙරට අතර තරගය පැවැත්වෙනවා.