Friday, April 25, 2025

General line - 0115112241

පොලිස් නිලධාරියෙකුගේ මල සිරුරක් වගුරු බිමකින් සොයා ගැනේ



අධිවේගී මාර්ගයේ ජාඇල හුවමාරුව අසල වගුරු බිමක තිබී පොලිස් නිලධාරියෙකුගේ මල සිරුරක් සොයාගෙන තිබෙනවා.

මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු කළ දැනුම්දීමකට අනුව එම පොලිස් නිලධාරියාගේ මල සිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

එලෙස සොයාගෙන ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පොලිස් නිලධාරියෙකුගේ මල සිරුරක්.

ඔහු කඩුවෙල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.