Sunday, April 13, 2025

General line - 0115112241

ට්‍රම්ප්ගේ රැලියකදී ගිනි අවි දෙකක් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



අමෙරිකානු ජනාධිපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන රැලියක් අවසානයේ නීති විරෝධී ලෙස ගිනි අවි දෙකක් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම රැලිය කැලිෆෝනියාවේ සංවිධානය කර තිබූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

රැලිය පැවති භූමියට ආසන්න ප්‍රදේශයක ස්ථාපිත කර තිබූ ආරක්ෂක මුරපොළක සිදුකර පරීක්ෂාවකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් ද සොයාගත් බවයි එරට පොලිසිය පවසන්නේ. 49 හැවිරිදි එම සැකකරු සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකර බවද විදෙස් මාධ්‍ය වැඩිදුරට වාර්තා කර තිබෙනවා.