Tuesday, April 15, 2025

General line - 0115112241

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා



කොලොන්නාව සිට මඩකලපුව දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන සේවා දුම්රියක් ගල්ඔය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයන් අතර මින්නේරිය දුම්රිය ස්ථානය ආසන්යේදී පීලි පැනීමට ලක්ව තිබෙනවා.

වන අලි දෙදෙනෙකු ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන් එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

සිද්ධියෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.