Tuesday, April 15, 2025

General line - 0115112241

ගුවන් තැපෑල මඟින් මෙරටට එවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

ටී කේ ජී කපිල



ගුවන් තැපෑල මඟින් මෙරටට එවා තිබූ රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා. 

ඒ, කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ තිබූ හිමිකරුවන් ඉදිරිපත් නොවූ ගුවන් තැපැල් පාර්සල් 07 ක් ඊයේ රාත්‍රියේ රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පරීක්ෂා කළ අවස්ථාවේදීයි. 

එලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 07 යි   ග්‍රෑම් 21 ක්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 143 ක් සහ මැන්ඩි නැමැති රසායනික මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 338 ක් ද වනවා.

මෙම පාර්සල් ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව යන රටවල සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණා. 

දීර්ඝ කාලයක් මෙම පාර්සල් භාර ගැනීමට හිමිකරුවන් පැමිණ නොසිටි අතර ඒවායේ සඳහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේ දී ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වී තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.