Monday, April 21, 2025

General line - 0115112241

දුන්හිද බස් රථ අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරුට



බදුල්ල මහියංගන මාර්ගයේ අඹගහ හන්දිය ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී යාමෙන් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ 35 දෙනෙකුට වැඩි පිරිසක් බදුල්ල රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් එලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ එම විශ්වවිද්‍යාලයේ සිසුන් ඇතුළු 41 දෙනෙකු බස් රථය තුළ සිටි බවද පොලීසිය පැවසුවා.