Tuesday, April 22, 2025

General line - 0115112241

මියන්මාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට තවත් සාකච්ඡාවක්



අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ දූත මණ්ඩල ප්‍රධානී ක්‍රිස්ටීන් බී. පාර්කෝ මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

එම හමුවේදී සයිබර් වංචාවලට එරෙහිව සටන් කිරීම සඳහා සයිබර් ආරක්ෂණ පියවර වැඩි දියුණු කිරීම, මියන්මාරයේ රදවා සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් බේරා ගැනීම අතුළු කරුණු රැසක් පිලිබඳ සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ.