Thursday, April 24, 2025

General line - 0115112241

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොමැතිව ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව



නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව වුවද ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහෙත් ඡන්දය ප්‍රකාශ කිරීමේදී වලංගු හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු බවයි එම කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ.  

එසේනම් වලංගු හැඳුනුම්පත් වර්ග මොනවාද ? 

ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්ද දායකයින්ගේ වම් අතේ දබරැගිල්ල මෙවර සලකුණු කෙරෙන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ඉදිරි මහමැතිවරණයේ රාජකාරී සඳහා නිලධාරීන් 90,000කට ආසන්න පිරිසක් යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.