ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී ගුවන් සේවිකාවකට ලිංගික අතවර සිදු කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් ස්වීඩන් ජාතිකයෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 26,500/- දඩයක් නියම කළා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පශ්චාත් තාපයට පත්වන බව සඳහන් කළා.
සිද්ධිය වූ අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බවත් අපරාධයක් සිදුකිරීමේ චේතනාවක් ඔහු තුළ නොතිබූ බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු කණගාටුවට පත්වන බවත් ඔහු වරද පිළිගන්නා බවත් පැවසුවා.
ඒ අනුව විත්තිකරුට රුපියල් 26,500/-ක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව මාසයක් ලිහිල් සිර දඬුවම් නියම කරන බව පැවැසුවා.
ගුවන්තොටුපොළ පොලිසිය විසින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.