Thursday, April 24, 2025

General line - 0115112241

සංචාරක වීසා මත මෙරට වෙළඳාම් කරමින් සිටි චීන කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට



ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ වෙළඳාම් කරමින් සිටි විදේශීය කාන්තාවන් දෙදෙනෙකු මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

මහනුවර මධ්‍යම වෙළඳපොළ පරිශ්‍රයේ එලෙස වෙළඳාම් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන කාන්තාවන් දෙදෙනෙක්.

සැකකාරියන් වැඩිදුර විමර්ශන සඳහා මහනුවර පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.