Thursday, April 24, 2025

General line - 0115112241

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව



ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ වෙනුවට වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් කිරීමෙන් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

මේ අතර මැතිවරණ රාජකාරි සඳහා පත්වීම් ලිපි ලබා ඇති සියලු නිලධාරින් නියමිත දිනයේ තමාට හිමි ස්ථානයට අනිවාර්යයෙන් වාර්තා කළ යුතු බවද ඔහු කියා සිටියා.


ඡන්දපොළට යාමේදී ඡන්ද දායකයින් රැගෙන යා යුතු වලංගු අන්‍යන්‍යතා ලේඛන පිළිබඳව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා කරුණු දැක්වූවා.


මේ අතර විදේශීය නිරීක්ෂකයින් 23 දෙනෙකු ඇතුළු නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් මෙවර මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතුවල නිරත වන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.