Thursday, April 24, 2025

General line - 0115112241

නිහඬ කාලයේ පැෆ්රල් සංවිධානය සමාජ මාධ්‍ය පීරයි



නිහඬ කාලය තුළ ද තමන් දිවයින පුරා ආවරණය වන පරිදි නිරීක්ෂණ කටයුතුවල නිරතවන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බවයි. 


ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලබන 14 වන දින මහ මැතිවරණය පැවැත්වෙන තෙක් නිහඬ කාලය ක්‍රියාත්මකයි.

එම කාලය තුළ නීති විරෝධී කටයුතුවල නිරතවන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවා.