Thursday, April 24, 2025

General line - 0115112241

වව්නියාවේදී ආධාරකරුවන් දෙපිරිසක් ගැටේ - දෙදෙනෙක් රෝහලේ

මාධව කුලසූරිය



හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආධාරකරුවන් හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ ඇති වූ එම ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

හිටපු අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ අවසන් රැළිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවති අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ රැළියක් ද එම ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබුණා.

ඊට සහභාගි වීම සදහා රිෂාඩ් බදියුදීන් මහතා හා ඔහුගේ ආධාරකරුවන් ගමන් කරමින් සිටියදී කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් පිරිසක් රිෂාඩ් බදියුදීන් මහතා ගමන්ගත් වාහනයට පහරදී තිබෙනවා.

එම අවස්ථාවේ ආධාරකරුවන් දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති අතර වවුනියාව පොලිසිය හා නෙලුක්කුලම පොලිසිය මැදිහත්ව ගැටුම සමතයකට පත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහිදි තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු වවුනියාව රෝහලට ඇතුළත් කළ තිබෙනවා.

දෙපාර්ශවයේම වාහන කිහිපයකට හානි සිදුව ඇති බවද පොලිසිය පැවසුවා.

ගැටුමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා වවුනියාව පොලිසිය හා නෙලුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ද අදහස් පළ කළා. 



මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 14 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 441 දෙනෙකු පසුගිය කාල සීමාව තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවා.