මාස 06 ක සිරදඬුවම් නියම වී සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් නමැත්තා විසින් තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිය නීතිඥවරු මාර්ගයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කළා.
කෙසේවෙතත් අදාල මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව එම තැනැත්තා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළා.
ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් ලබන 29 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවා.
තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිර දඬුවම් නියම වී සිටින තැනැත්තා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
රුපියල් බිලියන 3යි දශම 5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට එම දඬුවම නියම කර තිබෙනවා.
එමෙන්ම එම සිද්ධියට අදාලව ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ ආර්ජුන් ඇලෝසියස්ට ද මාස 06 ක සිර දඬුවම් නියම වුණා.