Thursday, April 24, 2025

General line - 0115112241

රාජගිරිය, මැදවැලිකඩ මාර්ගයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්



රාජගිරිය, මැදවැලිකඩ මාර්ගයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ පිළිබඳව පෙරවරු 10.48 ට දුරකථන ඇමතුමක් ලැබුණු බවයි ශ්‍රිී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභා ගිනි නිවීම් ඒකකය පැවසුවේ.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ එම ගිනි නිවීම් ඒකකය ගිනි නිවන රථ 04 ක් සමඟ ගිනි නිවීම් භටයින් 15 දෙනෙකු එම ස්ථානයට යොමුකර තිබෙනවා.

ඊට අමතරව කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවීම් රථ දෙකක් ද එම ස්ථානයට යොමු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.