Thursday, April 24, 2025

General line - 0115112241

සම්බාහන සේවයක් ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ඇතුළු 06 ක් අත්අඩංගුවට



මුදල් වංචාවක් සහ කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සම්බාහන සේවයක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකු ගෙන්වා ගෙන පහරදී බිය ගන්වා ඔහු ලවා රුපියල් ලක්ෂ 10 ක මුදලක් අන්තර්ජාල බැංකු කටයුතු හරහා සැකකරුවන් විසින් බැර කරවාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම එම පුද්ගලයාගේ පසුම්බියේ තිබූ රුපියල් 15,000 ක මුදලක් ද සැකකරුවන් විසින් කොල්ලකා තිබෙනවා.

අදාළ පුද්ගලයා විසින් ඒ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකල බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ සැකකාර යුවලක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

සැකකාර යුවල විසින් අපරාධය සඳහා යොදාගත් ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ මෙම වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

එම සැකකරුවන් රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සිද්ධිය සම්න්ධයෙන් බම්බලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.