දිවයිනේ බොහෝ පළාත්වල හෙට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීම හේතුවෙන් මෙලෙස වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.
අද දිනයේ දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳව ද කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදහස් පළ කළා.