Thursday, April 24, 2025

General line - 0115112241

සේවකයන්ට ඡන්දෙ දෙන්න නිවාඩු ලබා දෙන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්



ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබන 14 වනදා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඔවුන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර අනුව එලෙස නිවාඩු ලබාදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.


ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.


මේ අතර අපේක්ෂකයින් ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල අද මධ්‍යම රාත්‍රියේ ඉවත් කළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවා.