Friday, March 14, 2025

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි



උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකියි. 

එමෙන්ම බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.