Sunday, April 27, 2025

General line - 0115112241

අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු බන්ධනාගාරයට.

උදය කුමාර



මහනුවර, පල්ලේකැලේ පැවැත්වෙන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී  මුදලට තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ, සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි. 

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. 

මෙම සැකකරු  තරඟ පාවාදීම සම්බන්ධයෙන් යෝජනාවක් බටහිර ඉන්දීය ක්‍රීඩකයෙකුට සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.